ලීසීං කළ වාහනයක් විකුණුවාද?
ලීසීං කළ වාහනයක් විකුණුවාද?
එදිනෙදා ජීවිතයේ දී සම්පූර්ණ මුදල එකවර ගෙවා වාහනයක් මිලදී ගන්නේ ඉතාමත් කලාතුරකින් කෙනෙකි.විශාල මුදලක් එකවර ගෙවා ගැනීමට නොහැකි වීමත් එවැනි මුදලක් ආයෝජනය කිරීමෙන් ඇතිවිය හැකි ආදායම් බදු ප්‍රශ්න නිසාත් බොහෝ දෙනා ලීසිං පහසුකම් මත වාහනයක් ලබාගැනීමට උත්සුක වේ.
මේ සඳහා ලංකාවේ බලපාන නීතිය වන්නේ 2000 අංක 56 දරණ කල්බදු මූල්‍ය පනත වේ
ලීසිං පහසුකම මත ලබාගන්නා වාහනයකට අයිතිකරුවන් දෙදෙනෙකු නීතියේ විග්‍රහ කර තිබේ
1 වාහනයේ ලියාපදිංචි අයිතිකරු
2.වාහනයේ පරම අයිතිකරු
ලීසීං පහසුකම මත වාහනයක් මිලදී ගන්නා සෑම අවස්ථාවකම එහි ලියාපදිංචි අයිතිකරු වන්නේ එම පහසුකම මත වාහනය ලබා ගත් තැනැත්තා වන අතර ලීසීං ආයතනය එම ආයතනයේ පරම අයිතිකරු වේ..
ලීසීං පහසුකම ලබාගන්නා අන්දම හා ගිවිසුම් මෙන්ම ඇපකරුවන් පිළිබඳව පෙර ලිපියේ සදහන් කර ඇත.බොහෝ විට ඇපකරුවන් යොදා ගන්නේ ලීසිං පහසුකම ලබාගන්නා පුද්ගලයා ගෙවීමට අපහසු උවහොතෙම වාරික මුදල් ගෙවීම ඇපකරුවන් වෙත පැවරීම සදහායී..
වාරික 1 හෝ කිහිපයක් පැහැර හැර තිබේනම් සිහිකැඳවීමේ ලිපි සඳහා ප්‍රෙතිචාර නොදක්වයීනම් එකී වාහනය බලෙන් හෝ සමාගම සතු කර ගැනීමේ බලය සමාගම සතුවේ..
වාහනය ලීසිං වාරික සම්පූර්ණයෙන් ගෙවීමෙන් තොරව විකිණීම සම්පූර්ණයෙන් තහනම් වේ..
විකිණීම අවශ්‍ය නම් සියලු ලීසිං වාරික ගෙවා වාහනය තමන් සතු කරගත් පසු විකිණීම සිදුකර ගත හැක
එසේ නොමැති උවහොත් නඩු පවරනු ලබන්නේ මුල් අයිතිකරු හා ඇප කරුවන්ට වන අතර දිසා අධිකරණය මගින් වැටුපෙන් රුපියල් 500 හැරෙන්නට සියලු මුදල් කපා ගනු ලබයී.

Comments
Post a Comment