වළගම්බා රජතුමා

 වළගම්බා රජතුමා


සද්ධාතිස්ස රජතුමාගේ බාලම පුතෙකු වූ වළගම්බා රජතුමා ශ්‍රී ලංකාවේ   ශ්‍රේෂ්ඨ මහරජ කෙනෙකි.ත්‍රිපිටකය ග්‍රන්ථාරූඨ කිරීමට දායක වී ඇති අතර අභයගිරිය ,වතුකන රජමහ විහාරය,මාතලේ අළු විහාරය,වැල්ලෑගල රජ මහාවිහාරය  වැනි විහාරස්ථානය ලංකාවට ඉදිකිරීම සඳහා දායක වී ඇත.


වළගම්බා රජ

තෙවන ධර්ම සංගායනාව පැවැත්වීමට මූලික වූ අනුරාධපුර යුගයේ රාජ්‍ය කල රජු

වළගම්බා හෙවත් වට්ඨ ගාමිණී අභය(වළගම්බාහු) ක්‍රි.පු. 103 සිට 77 දක්වා අනුරාධපුරය අග නගරය කර රාජ්‍ය කර වු සිංහල රජ කෙනෙකි. එතුමා රාජ්‍යයත්වයට පත් වි මාස 5 කට පසු කැරළි හා දකුණු ඉන්දිය ආක්‍රමණ හමුවේ පරාජයට පත් වි සිහසුන අහිමිවිය[1]. නමුත් වසර 14 කට පසු ආක්‍රමණිකයන් පරාජය කර නැවත සිහසුන ලබාගැනිමට එතුමාට හැකි විය.

වළගම්බා රජ
ශ්‍රී ලංකාවේ රජ
රාජ්‍ය සමයක්‍රි.පු. 103, ක්‍රි.පු. 89 සිට ක්‍රි.පු. 77
පූර්වප්‍රාප්තිකයාමහාරට්ඨක
අනුප්‍රාප්තිකයාමහකුලි මහතිස්ස
වල්ලභයාඅනුලාදේවිය
සෝමාදේවිය
සම්පූර්ණ නාමය
වට්ඨගාමිණී අභය
පියාසද්ධාතිස්ස රජු

මාතලේ අළුවිහාරයේදි මුල්වරට ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරිම එතුමාගේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදුවු මහඟු ක්‍රියාවලියකි(මේ සදහා ප්‍රාදේශීය පාලකයෙක් සහය වූ බව සදහන් වෙතත් වළගම්බා අනුග්‍රහය දැක්වූබවක් මහා වංශයේ නොදැක්වේ). ඒමෙන්ම විශාල වෙහෙර විහාර කරවිමටද එතුමා කටයුතු යොදන ලදි. ඒයින් අභයගිරි විහාරය හා ස්ථූපය, රන්ගිරි දඹුළු රජමහා විහාරය ප්‍රධාන තැනක් ගනී.සද්ධාතිස්ස රජු දුටුගැමුණු රජුගේ සහෝදරයා වේ. ඔහුට පුතුන් සිව් දෙනෙකු සිටියේය. එම පුතුන් පිළිවෙළින් ලජ්ජිතිස්ස, ථුලත්තන,ඛල්ලාඨනාග හා වට්ට ගාමිණී අභය (වළගම්බා) විය. සද්ධාතිස්ස රජු ක්‍රි.පූ.137 සිට 119 දක්වා වසර 18ක් රාජ්‍ය පාලනය කළේය. ඔහුගෙන් පසු ථුලත්තන රජු දින 40ක්, ලජ්ජිතිස්ස රජු වසර 10ක් බැගින් පාලනය කිරීමෙන් පසු ඛල්ලාඨනාග රජුට රජකම හිමිවිය

Comments

Popular posts from this blog

මැදින් පොහොය

ඔබේ මුහුණේ ඇති සම එල්ලා වැටෙනවද?