ශ්‍රී ලංකාවේ අග නගරය
Capital city in srilanka
ශ්‍රී ලංකාවේ අග නගරය
මා නිවසේ සිටින කාලයේදී ශ්‍රී ලංකාවේ අගනගරයේ පිහිටා තිබූ සන්කෙන්(sanken)
ආයතනයේ රැකියාවක් ලැබුනී..
එයට සහාභාගී වූ මාහට සම්පත් බැංකුවේ ප්‍රධාන ශාඛාවේ උත්සව ශාලාවේ සිවිල් ඉංජිනේරුවෙකු ලෙස සේවය කිරීමට ලැබුනී.
එය ඉතාමත් වෙනස් අත්දැකීමක් උනේ උස ගොඩ නැගිල්ලක සිට කොළඹ අග නගරය දෙස නැරඹීමට පවා හැකි වූ නිසාය.
කන්ටේනර් පෙට්ටි වලින් සැකසූ නේවාසිකා ගාරයක් අප හට නැවතීමට ලැබුනී..
සම්පත් බැංකුවේ සේවයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්ශක අමාත්‍යාංශයේ ජනාධිපති මංදිරයේ සිවිල් ඉංජිනේරු ලෙස සේවය කිරීමට ලැබුනී...
ඒ අතර ටුවින් පික් නමින් අග නගරය තුළ පිහිටා ඇති විශාල මහල් සංඛ්‍යාවකින් යුත් ආයතනයක නිවසක් පිලියල කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය රැගෙන යාමට අවස්ථාවක් හිමි විය.
පසුව මොරටුව තුළ පිහිටා තිබූ වඩු කර්මාන්ත ශාලාවක සිට ගෘහ භාණ්ඩ ප්‍රෙවාහනය කිරීමට ආයතනය මගින් ලැබූ ලොරී රථයක් අප හට ලැබූ අතර එහිද සේවය කිරීමට ලැබුනා..

Comments
Post a Comment