සප්ත අපරිහානී ධර්ම

 බුඬකාලීන වජ්ජි සමූහාණ්ඩුව ස්ථාවරව පැවැතියේ මෙම සප්ත අපරිහානීය ධර්මයන් අනුගමනය කළ හෙයිනි. ඒවා ඔවුනට හඳුන්‍වාදෙනු ලැබූයේ බුදුපියාණන් විසිනි. ධාර්මික රාජ්‍ය පාලනයකට මෙම සප්ත පරිහානීය ධර්ම පිටිවහලකි. එසේ ම වර්තමාන සමිති, සමාගම්, විනිශ්චය සමූයන් ආදියේ ද සාර්ථකත්‍වයන් උදෙසා මෙහි වන ඇතැම් කරුණු උපකාරී වනු ඇත. ඒ අපරිහානීය ධර්ම සප්තකය මෙසේ ය.

  1. නිතර නිතර රැස්වීම.
  2. සමගියෙන් රැස්ව සමගියෙන් සාකච්ඡා කොට සමගියෙන් විසිර යාම.
  3. නොපැනවූ නීති නොපැනවීම හා පැනවූ නීති කඩ නොකිරීම.
  4. වැඩිහිටියන්ට ගරු කිරීම.
  5. අවිවාහක කුල කුමරියන්ට ආරක්‍ෂාව සැලසීම.
  6. තම ජනපදයේ හා පිටත පූජනීය ස්ථානවලට ගරු කිරීම.
  7. තම ජනපදයට පැමිණෙන රහතන් වහන්සේලාට ආරක්‍ෂා, පහසුකම් සැලසීම

Comments

Popular posts from this blog

මැදින් පොහොය

ඔබේ මුහුණේ ඇති සම එල්ලා වැටෙනවද?